27 C
Colombo
19/01/2025

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට චීනය සහය දුන් බවට මියන්මාර ජනතාවගෙන් චෝදනා

Share with your friends :

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට චීනය සහය දුන් බවට විරෝධය පළකරමින් මියන්මාර ජනතාව එරට යන්ගුන් නගරයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.
මෙහිදී ඉංග්‍රීසි , චීන හා බුරුම භාෂාවලින් ලියවුනු විරෝධතා සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් මියන්මාර ජනතාව උද්ඝෝෂණ කළහ.මෙහිදී මියන්මාර උද්ඝෝෂකයන් ප්‍රකාශ කර ඇත්තේ මෙම හමුදා කුමන්ත්‍රණය පසුපස චීනය සිටින බවයි. එසේම මෙම හමුදා කුමන්ත්‍රණය හෙළ දකින ලෙස උද්ඝෝෂකයෝ චීන රජයෙන් ඉල්ලා සිටියහ.
මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට චීනය විසින් හෙලාදැක නැත. එසේම හමුදා කුමන්ත්‍රණයට සති කීපයකට පෙර එරට හමුදා පාලකයා හා චීන තානාපතිවරයා අතර සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
කෙසේ වෙතත් පසුව මියන්මාරයේ චීන තානාපති චෙන් හායි මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

Share with your friends :