27 C
Colombo
19/01/2025

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට යන ශ්‍රීලංකා කණ්ඩායම මෙන්න

Share with your friends :

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ශ්‍රීලංකා කණ්ඩායම තෝරා ගෙන තිබේ.
ටෙස්ට් තරග සහ එක්දින ජාත්‍යන්තර කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුනාරතන දරන අතර T-20 තරග සඳහා නායකත්වය දරන්නේ දසුන් චානකය.
ශ්‍රීලංකා කණ්ඩායම
1.දිමුත් කරුනාරතන,
2.ධනුෂ්ක ගුණතිලක,
3.පැතුම් නිශ්ශංක,
4.ඕෂධ ප්‍රනාන්දු ,
5.දිනේෂ් චන්දිමාල්,
6.ඇන්ජලෝ මැතිව්ස්,
7.අශෝක බණ්ඩාර ,
8.නිරෝෂන් දික්වැල්ල,
9.කමිඳු මෙන්ඩිස්,
10.දසුන් චානක,
11.තිසර පෙරේරා,
12.රමේෂ් මෙන්ඩිස් ,
13.වනිඳු හසරංග,
14.අකිල ධනංජය,
15.ලක්ෂාන් සඳකැන් ,
16.ලහිරු කුමාර ,
17.දුෂ්මන්ත චමීර,
18.නුවන් ප්‍රදීප්,
19.දිල්ශාන් මධුශංක,
20.අසිත ප්‍රනාන්දු,
අකිල ධනංජය,ලක්ෂාන් සඳකැන් ,ලහිරු කුමාර ,දුෂ්මන්ත චමීර,නුවන් ප්‍රදීප්,දිල්ශාන් මධුශංක,අසිත ප්‍රනාන්දු වේග පන්දු යවන්නන් ලෙසද , අකිල ධනංජය,
සහ ලක්ෂාන් සඳකැන් දඟ පන්දු යන්නන් ලෙසද දසුන් චානක,තිසර පෙරේරා,රමේෂ් මෙන්ඩිස් ,වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසද සෙසු පිරිස පිතිකරුවන් ලෙසද කණ්ඩායමට තෝරා ගෙන තිබේ.
මේ අතරින් පැතුම් නිශ්ශංක ,අශේන් බණ්ඩාර ,කමිඳු මෙන්ඩිස් ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ මුල් වරටය. දිල්ශාන් මධුශංක කලින් සංචාරයකට එක වුවද ඔහුට තරග කරන්නට අවස්ථාවක් ලැබුනේ නැත.කුසල් ජනිත්,භානුක රාජපක්ෂ,කුසල් මෙන්ඩිස් ,අවිශ්ක ප්‍රනාන්දු,ඉසුරු උදාන,දිල්රුවන් පෙරේරා, සන්තුෂ් ගුණතිලක ආබාධ හා විවිධ හේතු නිසා සංචාරයට එක් කර නැත.
මෙවර කණ්ඩායම සඳහා ශාරීරික යෝග්‍යත්වය අසමත්වූ සහ ආබාධ වලට ලක්වූ ක්‍රීඩකයන් කිසිවකු ඇතුලත් නොවීම විශේෂත්වයකි.
ශ්‍රීලංකා කණ්ඩායම හෙට රාත්‍රීයේ පිටත්ව යාමට නියමිතය. මෙම සංචාරයේදී ශ්‍රීලංකා කණඩායම ටෙස්ට් තරග දෙකකට , එක්දින ජාත්‍යන්තර තරග තුනකට හා T-20 තරග තුනකට සහභාගී වෙති.

Share with your friends :