27 C
Colombo
19/01/2025

දේශපාලන පලිගැනීම් විමර්ෂණ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයෙක් ඉල්ලා අස්වෙයි

Share with your friends :

දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ කොමිෂන් සභාව විසින් පසුගියදා බාර දුන් වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිමට සහ ඊට අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයකු අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතා ඉල්ලා අස්වී තිබේ.
මෙම ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද මේවනවිට රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.
මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතාද , ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ඛේමා කුමුදිනි වික්‍රමසිංහ මහත්මිය එහි සාමාජිකු ලෙස කටයුතු කරනු ලබයි.
මේ අතර නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන බවට ජනතාවට පොරොන්දු වෙමින් බලයට පත් වත්මන් ආණ්ඩුව අවනීතිය, නීතිය බවට පත් කිරීමේ උත්සාහයක නිරතව සිටින බව වැඩකරන ජන බලය සංවිධානයේ කැඳවුම්කරු ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
ආණ්ඩුව ජනවරමක පිටුපාමින් ඔවුන්ට අවශ්‍ය ආකාරයට නීතියට බලපෑම් කරමින් සිටින බවත් දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ කොමිසම හරහා අධිකරණයට හා අධිකරණ තීන්දුවලට බලපෑම් කරමින් සිටින බවත්, ඒ හරහා දේශපාලන නායකයන් නීති ක්ෂේත්‍රයේ නිළධාරීන් දඩයම් කිරීමට උත්සාහ කරන බවත් ස්ටාලින් මහතා කියා සිටී.‍මෙම ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ නම් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් වැඩකරන ජනතාව සමග දැඩි විරෝධය පළකිරීමටත් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

Share with your friends :