ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් සෑම සති දෙකකට වරක් හමුවී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එකඟතාවයකට පත්ව තිබේ.ආණ්ඩු නියෝජනය කරන පක්ෂ 10ක නියෝජිතයින් ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇත.
පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් විමල් වීරවංශ කල ප්රකාශයකින් පසුව ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ විමල් අතර මත ගැටුමක් ද ගොඩනැගුණි.
මෙම ගැටුම උග්රවෙමින් යද්දී ජනාධිපතිවරයා විමල් ඇතුළු පිරිසට මෙසේ සාකච්ඡාවක් ලබා දුන්නේය.