27 C
Colombo
19/01/2025

චීන බලහත්කාරකම් වලට එරෙහිව තායිවානය සන්නද්ධ වෙයි-ගුවන් මිසයිල පද්ධතියත් සක්‍රිය කරයි

Share with your friends :

තම ගුවන් සීමාවේ චීන ප්‍රහාරක ගුවන් යානා පියාසර කිරීම අභියෝගයට ලක් කරමින් තායිවාන ගුවන් හමුදාව සිය මිසයිල පද්ධතිය සක්‍රිය කර තිබේ.
අද චීන ප්‍රහාරක ගුවන් යානා අටක් තායිවානයට අයත් ප්‍රාටාස් දුපත අසලින් පියාසර කිරීමත් සමග තායිවානය මෙසේ මිසයිල පද්ධති සක්‍රිය කර තිබේ. මෙසේ පියාසර කර ඇත්තේ J-16 වර්ගයේ චීන ප්‍රහාරක ගුවන් යානා 4 ක් සහ JH-7 වර්ගයේ චීන ප්‍රහාරක ගුවන් යානා 4 කි. මෙම ගුවන් යාන වලට තායිවානය විසින් අනතුරු සංඥා නිකුත් කර තිබේ.
තායිවානයේ ප්‍රධානතම අධාරකරු මෙන්ම ආයුධ සපයන්නා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.
එසේම චීන තර්ජන වලට මුහුණ දෙන්නට නව ආරක්ෂක ඇමතිවරයෙක් ද තායිවානය විසින් පත් කර තිබේ. ජාතික ආරක්ඔෂක කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් චි කුඕ චෙන් නව ආරක්ෂක ඇමතිවරයා ලෙස පත් කර ඇති අතර ඔහු ඇමරිකාවේ පුහුණුව ලද කෙනෙකි.
මේ අතර තායිවානය නව සබ්මැරීන්,යුද නැව් හා F-16 වරගයේ යුද ගුවන් යානා මිලදී ගනිමින් තම යුද ශක්තිය වර්ධනය කර ගනිමින් සිටින බව තායිවාන ජනාධිපති සායි ඉන් වෙන් පවසයි.

Share with your friends :