27 C
Colombo
18/01/2025

කුකුලන්ගෙන් බෝවන භයානක නව කුරුළු උණක් බෝවුණු 7 දෙනෙක් රුසියාවෙන් හමුවෙයි

Share with your friends :

කුකුලන්ගෙන් මිනිසුන්ට බෝවන නව කුරුළු උණ වයිරසයක් දකුණු රුසියාවෙන් හමුවුනු බව රුසියාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දැනුම්දී තිබේ.
AH5N8 නමැති මෙම වයිරසය වැළඳුනු කුකුල් ගොවිපලක සේවකයන් හත් දෙනෙකු රුසියාවෙන් මේ වන විට හමුවී තිබේ.
මේ වන විට රුසියාව ,යුරෝපය , චීනය මැද පෙරදිග හා උතුරු අප්‍රිකාව යන රටවල් වලින් මේ වන විට අදාළ වයිරසය හමුවී තිබුනද එය මෙතෙක් පැතිර තිබුනේ කුකුලන් අතර පමණි.
මෙතෙක් වාර්තා වී තිබුනේ වෙනත් කුරුළු උණ ප්‍රභේද වන H5N1, H7N9 and H9N2 පක්ෂීන් ගෙන් මිනිසුන්ට බෝවන බව පමණි.
මෙම නව ප්‍රභේදය කුකුලන්ට මාරාන්තික වන අතර මිනිසුන් තුල කෙසේ ක්‍රියා කරන්නේදැයි තවමත් පර්යේෂණ පැවැත්වේ. ඇතැම් කුරුළු උණ ප්‍රභේද මිනිසුන්ටද මාරාන්තිකය.
මේ අතර මේ තත්වයත් සමග වෙනත් රටවලින් කුකුල් මස් ආනයනය නවතා දැමීමට ඇතැම් රටවල් පියවර ගනිමින් සිටිති.

Share with your friends :