ලොව ප්රධාන පෙලේ නිලියක්, මෝස්තර නිරූපිකාවක්, සමාජ සේවිකාවක් , ව්යාපාරික කාන්තාවක් හා නිෂ්පාදකවරියක් වන කිම් කාර්ඩේෂියන් සිය සැමියා වන කෙන්යේ වෙස්ට් ගෙන් දික්කසාද වීම සඳහා අද ඇමරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලීස් හිදී දික්කසාද ලේඛන භාරදී තිබේ.
2000 වසරේදී හමුවූ මෙම දෙදෙනා 2014 වසරේදී සුපිරි විවාහ උත්සවයක් පවත්වමින් විවාහ වුහ. ඔවුන්ට දරුවන් සිවු දෙනෙකි. කිම් මේ වන විට 40 වන වියෙහි පසුවන්නීය.
මේ වන විට කෙන්යේ වෙස්ට් වයෝමින් හි නිවසේ වාසය කරන අතර කිම් තම දරුවන් සමග කැලිෆෝර්නියාවේ වාසය කරන්නීය.