27 C
Colombo
18/01/2025

ඇමරිකාව අඟහරු වෙත යැවූ රෝවර් යානයේ පරිපථය හැදුවේ ශ්‍රීලාංකික කාන්තාවක්

Share with your friends :

නාසා ආයතනය විසින් අඟහරු වෙත යවන ලද ප්‍රිසවරන්ස් රෝවර් යානය අඟහරු මතට සාර්ථක ලෙස පතිත වී තිබේ. එම යානය අඟහරු වෙතට පතිත කරන ලද ආකාරය දැක්වෙන රූපරාමු මේ වන විට නිකුත් කර තිබේ.අඟහරුගේ සමකයට ආසන්න ජෙසෙරෝ නමින් හඳුන්වන ගැඹුරු ආවාටයකට එම යානය ගොඩ බැස්වූ බව ඇමරිකානු බලධාරීහු පවසති.
එම යානයේ විද්‍යුත් පරිපථය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකික කාන්තාවක් වන මෙලනි නිලන්ති මහආරච්චි ය. ගල්කිස්සේ උපන් ඇය ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය උසස් අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමනි.විවාහයෙන් පසුව 2003 වසර අගභාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට ගොස් තිබේ.මේ වන විට සැමියා රන්මාල් සහ බ්‍රෙහාන්, ෂනාරා දරුවන්ද සමග ඇමෙරිකාවේ ජීවත්වන්නීය.
මෙම රෝවරය ඉදිරි වසර 6ක කාලය තුළ අඟහරු පෘෂ්ඨය මත කැණීම් සිදුකරමින් තොරතුරු ලබාදීමට නියමිතය. එම යානය අඟහරු ග්‍රහයා මත රැඳෙමින් පර්යේෂණ සඳහා සාම්පල රැස්කිරීමට නියමිත අතර එහි අරමුණ වන්නේ එම ග්‍රහයා මත ජීවය පැවතියේ ද යන්න සොයාබැලීමයි. රෝද 6කින් සමන්විත මෙම යානය 2020 වසරේ ජූලි 30 වනදා අඟහරු බලා ගමන් ඇරඹීය.
ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් අඟහරු වෙත ගොඩබස්වන ලද දෙවන රෝවරය මෙයයි.පළමුවැන්න වන කියුරියෝසිටි රෝවරය 2012 වසරේදී අඟහරුගේ වෙනත් ආවාටයකට පතිත කරවන ලදී.

Share with your friends :