27 C
Colombo
19/01/2025

ලොව රටවල් 130 කට එකදු කොවිඩ් වැක්සීනයක්වත් ලැබී නැහැ – එක්සත් ජාතීන්ගේ මහලේකම්

Share with your friends :

ලොව පුරා රටවල් 130 කට තවමත් එකදු කොවිඩ් වැක්සීනයක්වත් ලැබී නැතැයිද එය විශාල අසාධාරණයක් බවද එම නිසා කොරෝනා ලොවෙන් තුරන් කිරීම පහසු නොවන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් එක්සත්ද ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අමතමින් චෝදානා කර තිබේ.
දැනට ලොව කොවිඩ් වැක්සීන නිෂ්පාදනයෙන් සියයට හැත්තෑපහක් ම රටවල් දහයක් අතර බෙදී ගොස් ඇතැයි චෝදනා කරන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලොව පුරා මෙය සාධාරණ ලෙස බෙදී නොගියහොත් ඉදිරියේදී ඇතිවන වයිරසයන් වැක්සීනවලට ප්‍රතිචාර නොදක්වන තත්වයක් ඇතිවී ලොවෙන් කොවිඩ් වයිරසය තුරන් කිරීමට නොහැකි වනු ඇතැයිද ලොව ඇතැම් කලාප වලට වැක්සීනය ලැබී නැතැයිද සංවර්ධිත ධනවත් රටවල් මෙය සෙසු රටවල් අතරද හැකිතාක් ඉක්මනින් බෙදාදීමට කටයුතු කල යුතු බවද මහලේකම්වරයා පවසා ඇත.
ලොව තවත් රටවල් 32 කට ලැබී ඇත්තේ ලෝක කොරෝනා වැක්සීන නිෂ්පාදනයෙන් සියයට එකක් පමනි. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලොව දිළිඳු රටවල් සඳහා නොමිලේ කොරෝනා වැක්සීනය බෙදා දීමට සැලසුම් කර තිබුනද මේ වන විටි ධනවත් රටවල් වැක්සීන නිෂ්පාදන සමාගම් සමග ඊට පෙර ගිවිසුම් ගත වෙමින් තම රටවල සමස්ත ජනතාවට වක්සීනය ලබාදීම සඳහා කටයුතු කරමින් සිටිති.

Share with your friends :