27 C
Colombo
19/01/2025

යළි හිස එසවූ ඉබෝලා මැඩලන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත්

Share with your friends :

ගිනියාව පසු ගිය සතියේ ඉබෝලා වසංගතය පැතිර යන බවට ප්‍රකාශයට පත් කිරීමත් සමඟ රෝගය තව දුරටත් පැතිරීම වැලැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් 11,000කට වැඩි ප්‍රමාණයක් එරටට යැවීමට නියමිතයි. තවත් එන්නත් 8600ක් පමණ එක්සත් ජනපදයෙන් ලැබෙනු ඇති බවද සඳහන්. එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ ඉබෝලා එන්නත ලබන සදුදා සිටම ජනතාවට ලබාදීමට හැකි වනු ඇති බවයි. ගිනියාවෙන් නැවතත් ඉබෝලා වසංගතය වාර්තා වුනේ පෙබරවාරි 14 වන දිනයි. පළමුව ඉබෝලා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගැනුණු අතර මේ වන විට පුද්ගලයින් 5දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Share with your friends :