27 C
Colombo
19/01/2025

පියාගේ ඝාතකයන්ට සමාව දෙනවා – ඔවුන් නිදහස් කරනවාට විරෝධයක් නැහැ-රාහුල් ගාන්ධි පවසයි

Share with your friends :

තම පියා වූ රජීව් ගාන්ධි ඝාතනයට ලක්වූ මොහොතේ තමාට දරා ගත නොහැකි වේදනාවක් ඇති වූ නමුත් තමන් දැන් එම ඝාතකයන්ට වෛර නොකරන බවත් තමන් එම ඝාතකයන්ට සමාව දෙන බවත් ඔවුන් නිදහස් කරන්නේ නම් තමන්ගේ ඊට විරෝධයක් නැති බවත් බව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ඉන්දියාවේ පොන්ඩුචේරි හිදී පවසා තිබේ.
ඉන්දියාවේ පොන්ඩුචේරි හි භාරතීදාසන් කාන්තා විද්‍යාලයේ සිසුවියන් සමග සංවාදයකට එක්වෙමින් රජීව් ගාන්ධි ඒ බව පවසා ඇත.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරුණු බෝම්බකාරියක එල්ල කරන ලද ප්‍රහාරයකින් රාහුල් ගාන්ධිගේ පියා වන ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනයට ලක්වුයේ 1991 මැයි 21 වැනිදාය.තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදුර් හිදී මැතිවරණ රැස්වීමකදී ඝාතනයට ලක්වන විට ඔහු 46 වන වියෙහි පසු විය. සිය පියා ඝාතනය වන විට රාහුල ගාන්ධි 21 වන වියෙහි පසු විය. මෙම ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හත් දෙනෙකු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින අතර මේ වන විට ඔවුන් සිරගත කර වසර 27 ක් ගතවී තිබේ. එම නිසා ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලීම් ගනනාවක් ඉදිරිපත්වී තිබේ.
මෙහිදී සිසුවියන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් රාහුල් ,
‘‘මට මහත් වේදනාවක් දැනුණා. ඒත් දැන් මට කේන්තියක් නැහැ. මට කවුරුවත් ගැන තරහක් නැහැ. ඔව්, මට මගේ පියා නැතිවුණා. ඒක දුෂ්කර කාලයක්.මට කියාගන්න බැරි දුකක් ඇතිවුණා. ඒත් දැන් මට කේන්තියක් නැහැ. මං කාටවත් වෛර කරන්නේ නැහැ. මම ඔවුන්ට සමාවදෙනවා ,
ප්‍රචණ්ඩත්වයට ඔබෙන් කිසිදෙයක් උදුරගන්න බැහැ. ප්‍රචණ්ඩත්වයට ඒ බලය නැහැ. ඔබට ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඒත් ප්‍රචණ්ඩත්වයට ඔබෙන් කිසිදෙයක් උදුරගන්න බැහැ. අද ඔබ ගොඩක් දේවලට ඇහුම්කන් දුන්නා. ඒ සියල්ල මට ලැබුණේ මගේ පියාගෙන් . මගේ තාත්තා මා හරහා කතා කරනවා. මගේ පියා මා තුල ජීවත් වෙනවා ” රාහුල් ගාන්ධි පවසා තිබේ.
මෙහිදී සිසුවියන් රාහුල් ගාන්ධි සමග කතා කරමින් අදහස් හුවමාරු කර ගෙන ඇති අතර මෙහිදී රාහුල් පවසා ඇත්තේ තමාට රාහුල් නමින් අමතන ලෙසය. මෙහිදී ඇතැම් සිසුවියන් ඔහු ලවා සමරු සටහන් ලබා ගෙන ඇත. මෙහිදී ඔහු එක් සිසුවියක් වැළඳගෙන ඇති අතර එම සතුටට ඇය සතුටු කඳුළු වගුරා තිබේ.

Share with your friends :