27 C
Colombo
19/01/2025

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශණ වාර්තාව ගැන අධ්‍යනයට හය පුද්ගල ඇමති කමිටුවක්

Share with your friends :

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශණ වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබේ.අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කමිටු සභාපති ධූරය දරන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු සෙසු සාමාජිකයෝ වෙති. කමිටු වාර්තාව 2021 මාර්තු 15 දිනට පෙර ඉදිරිපත් කරන ලෙසටද නියම කර තිබේ.
එම වාර්තාවල ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළයුතු ආකාරය වාර්තා කිරීම එම කමිටුවේ කාර්ය භාරය වෙයි.
ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව ජනාධිපති කාර්යාලය විසින් කමිටුවට යොමු කරනු ලබන අතර කමිටුවේ කාර්යයන් සඳහා පහසුකම් සැලසීම ඇතුළු සෙසු කටයුතු මෙහෙයවීම සඳහා කමිටුවේ ලේකම් ධූරයට ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා පත්කර තිබේ.

Share with your friends :