27 C
Colombo
19/01/2025

බෙලරූස් ජනපතිට එරෙහි විරෝධතා රූගත කල මාධ්‍යවේදිනියන් දෙවසරක් හිරේ

Share with your friends :

බෙලරූස් අධිකරණය විසින් එරට ජනාධිපතිවරයාට එරෙහි විරෝධතා රූගත කල මාධ්‍යවේදිනියන් දෙදෙනෙකු හට වසර දෙකක සිර දඬුවම් ලබා දී තිබේ. මෙසේ සිර දඬුවම් ලබා දී ඇත්තේ 27 හැවිරිදි කැතරිනා අන්ද්රේවා සහ 23 හැවිරිදි ඩේරියා චුට්සෝවා යන දෙදෙනාටය. ඔවුන් පෝලන්තයේ බෙල්සැට් රූපවාහිනී සේවාවේ මාධ්‍යවේදිනියන් දෙදෙනෙකි.
1994 වසරේ සිට බලයේ සිටින බෙලරුස් ජනාධිපති ඇලෙක්සෙන්ඩර් ලුකශේන්කෝ එරට ඒකාධිපති පාලනයක් ගෙන යන අතර දුෂිත මැතිවරණ පවත්වන බවට චෝදනා එල්ලවී තිබේ. පසුගියදා එරට පැවති ජනාධිපතිවරණය පිළිගත නොහැකි බව පවසමින් ජනතාව වීථි බැස විරෝධතා දැක්වූ අතර මේ හේතුවෙන් රට පුරා නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.
සිරදඬුවම් නියමවීමෙන් පසු ජනතා සටනට ජයග්‍රහණය පතමින් සිනාමුසු මුහුණින් මාධ්‍යවේදිනියන් බන්ධනාගාරය කර පිය නැගූහ.

Share with your friends :