වවුනියාව සෙට්ටිකුලම් පොලිස් වසමේ සින්නතම්පනෙයි ප්රදේශයේ කැලෑවක වළදමා තිබියදී කිලෝ පහක් බරැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් සොයා ගෙන තිබේ.
වවුනියාව පොලිස් රාජ්ය බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව සෙට්ටිකුලම් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහය ඇතිව සින්නතම්පනෙයි වැව ආසන්නයේ පිහිටි කැලෑබද ප්රදේශයකින් මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක සොයා ගෙන ඇත.
මෙම මරාගෙන මැරෙන් ඇඳුම් කට්ටල දෙක ගොඩගන්නා අවස්ථාවේදීද සක්රීයව ආරක්ෂාකාරීව තිබී ඇත.
previous post