එක්සත් රාජධානියේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ සැමියා වන එඩින්බරෝහි අදිපාද පිලිප් කුමරු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
මේ වන විට 99 වැනි වියේ පසුවන එඩින්බරෝහි අදිපාදවරයා ලන්ඩන් නුවර II වැනි එඩ්වඩ් රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් බව පැවසේ. එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුන්ගේ පියා එඩින්බරෝහි ආදිපාදවරයා හට කොවිඩ් හෝ වෙනයම් අසනීප තත්වයන් නැතත් යම් යම් ශාරීරික අපහසුතා නිසා වෛද්‍ය උපදෙස් මත රෝහල් ගත කර ඇති බව සඳහන්ය.
පිලිප් කුමරු සියවන උපන්දිනය සැමරීමට නියමිතව ඇත්තේ ජුනි 10 වැනිදාය. මහා රැජින දැනට 94 වන වියෙහි පසුවෙයි.
.