27 C
Colombo
19/01/2025

ස්ථිර ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරන තුරු කොදෙව් සංචාරයට තේරීමට ප්‍රමෝද්‍ය හා මෙන්ඩිස්

Share with your friends :

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළෙඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා තේරීම් කමිටුව ලෙස හිටපු තේරීම් කමිටුවම පත් කරන්නට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබේ.
ඒ අනුව අසන්ත ද මෙල් එම කමිටුවෙන් ඉවත්වූ බැවින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ චමින්ද මෙන්ඩිස් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා කණ්ඩායම තේරීම සිදු කරනු ඇත.
ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව තේරීම් කමිටුව තෝරා ගැනීම විවධ මතබේදාත්මක තත්වයන් නිසා කල් යාමත් ලබන 22 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භවීමත් නිසා ක්‍රීඩා බලධාරීන් මෙම තීරණය ගෙන තිබේ.
විවිධ පාර්ශව අත්තනෝමතිකව කටයුතු කිරීම නිසා පවතින තත්වය මත මෙම තීරණය ගෙන ඇති අතර ඊට සම්බන්ධ පාර්ශව සමග පසුව සාකච්ඡා කර නව තේරීම් කමිටුව පත් කරන්නට නියමිතය. මේ ප්‍රශ්නය මත පසුගියදා පත් කරන ලද ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ ක්‍රිකට් උපදේශන කමිටුවද ඉල්ලා අස්වීමට උත්සහ කර ඇතත් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් එය වලක්වා තිබේ.අරවින්ද ද සිල්වා ,මුත්තයියා මුරලිදරන් ,රොෂාන් මහානාම සහ කුමාර සංඝක්කාර අදාළ උපදේශන කමිටුවට අයත් වෙති.
නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමතිවරයා විසින් ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා අදාල උපදේශන කමිටුව පත් කරන ලද අවස්ථාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය බොහෝදෙනා සතුටට පත්වුයේ ඒ හරහා නැවත ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාව පෙර තිබු තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කල නිසාය. එහෙත් පවතින තත්වය මත එම කමිටුවේ තීරණ ආපසු හරවන බලවේග ක්‍රියාත්මක වීම බරපතල ගැටළුවක් වී තිබේ.

Share with your friends :