27 C
Colombo
25/11/2024

රාජපක්ෂලා ගැන කතා පැවැත්වීමෙන් විමල් පිනට ඇමතිකම ගත්තා – මහින්ද පතිරණ

Share with your friends :

විමල් වීරවංශ මහතා පිනට ඇමති තනතුරක් ලැබූ පුද්ගලයෙකු බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති, ආචාර්ය මහින්ද පතිරණ මහතා ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. ඔහු සිදුකළේ රාජපක්ෂලා ගැන කතා කිරීම පමණක් බවත්, ඔහු ඇමති තනතුරට පත් වූයේ කට නිසා පමණක් බවත් මහින්ද පතිරණ මහතා එමගින් පවසා තිබේ.
පොහොට්ටුවේ නායකත්වය ගැන කතා කරන ඔහුගේ පක්ෂයට අවම තරමින් ගමක ශාඛා සමිතියක්වත් නොමැති බවද ඔහු පවසා තිබේ.
එම දුර්වලතාවය ‍ඔහු හොඳින්ම දන්නා බවත් තනිවම මැතිවරණවලට ඉදිරිපත් නොවන්නේ ඒ නිසාම බවද පතිරණ මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Share with your friends :