27 C
Colombo
20/01/2025

තායිලන්ත පොලීසිය වැටලු Modelling ඒජන්සියක ලොවපුරා දැරියන්ගේ අසභ්‍ය ඡායාරූප ලක්ෂ 5 ක්

Share with your friends :

තායිලන්තයේ ළමා මෝස්‌තර නිරූපන ඒජන්සියක් වැටලු තායිලන්ත පොලීසිය එහි පරිගණක වල තිබී දැරියන්ගේ අසභ්‍ය ඡායාරූප ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.
එරට Nene Modelling Agency නමැති සුප්‍රසිද්ධ ආයතනය මෙසේ වටලා තිබේ. ඒ සමග එම ආයතනයේ හිමිකාරිනිය වන 23 හැවිරිදි නෙනේ සේන්කෙව් ද අත්අඩංගුවට ගෙන තිබේ. ළමා ලිංගික අපචාර චෝදනා සහ ළමුන්ගේ අසභ්‍ය ඡායාරූප අන්තර් ජාලය හරහා යැවීම යන චෝදනා ඇයට එල්ල කර තිබේ.
මෙම පරීක්ෂණ සඳහා FBI ආයතනය හා නවසීලන්ත පොලීසියද එක්ව තිබේ.
මෙම ඡායාරූප අතර තායිලන්තයේ සහ තවත් රටවල් ගණනාවක දැරියන්ගේ අසභ්‍ය ඡායාරූප හමුවූ බව තායිලන්ත පොලීසිය පවසයි.
2013 වසරේ සිට දැරියන් හා ළමා නිලියන් 8400 ක් සමග මෙම ආයතනය කටයුතු කර තිබේ. ලොව පුරා දැරියන් දහස් ගනනක් ලිංගික අපචාර වලට ලක්වීමේ සිද්ධි පසුපස මෙම ආයතනය සිටින බව මේ වන විට අනවරණය වී තිබේ.

Share with your friends :