එළැඹෙන 22දා දෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ශ්‍රීලංකා පාර්ලිමේන්තුව ඇමතීමට කර තිබු සැලැස්ම අවලංගු කර තිබේ.
ඉම්රාන් ඛාන් 24 වැනි දා පස්වරුවේ මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබිණි.
නමුත් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ඉම්රාන් ඛාන් ගේ එම පාර්ලිමේන්තු ඇමතිම අවලංගු කිරීමට තීරණය කර ඇත. මෙම තීරණයට හේතුව තවමත් පැහැදිලි නැත.
