ඇමෙරිකා එක්සත් ජනපදයට බලපෑ දරුණු හිම කුණාටු තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 21දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම මරණ වාර්තා වන්නේ ටෙක්සාස්, ලුසියානා, කෙන්ටකි, උතුරු කැරොලිනා සහ මිසූරි යන ප්රාන්ත වලිනුයි. හිම කුණාටුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ටෙක්සාස් ප්රාන්තයටයි. එම ප්රාන්තයේ මිලියන ගණනක් ජනතාවට විදුලියද ඇණ හිට ඇති බවයි වාර්තා වන්නේ. මෙම අයහපත් කාලගුණික තත්වය මෙම සතිය පුරා පවතිනු ඇති බවයි එරට කාලගුණික අංශ සඳහන් කරන්නේ. මේ වන විට ඇමෙරිකානු භූමියෙන් සියයට හැත්තෑ තුනක ප්රමාණයකට හිම වැටී තිබෙනවා ,