කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගනිමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පූර්ණ සුවය ලැබීමෙන් පසු අද IDH රෝහලෙන් පිටවගොස් ඇත.
කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉකුත් ජනවාරි 23 වනදා හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබු අතර එතැනින් කොතලාවල පුර වෛද්‍ය පීඨ රෝහලටත් එතැනින් IDH රෝහල වෙතත් මාරු කර යවන ලදී.
ඇය ගේ සෞඛ්‍ය ඇමති තනතුරේ තාවකාලිකව වැඩ බැලීම සඳහා මහාචාර්ය චන්න ජයසුමන අද දිවුරුම් දුන්නේය.
මේ අතර සුවය ලැබූ සෞඛ්‍ය ඇමතිනිය ඉතා ඉක්මනින් තම රාජකාරි ආරම්භ කරන බව පැවසේ.ඇමතිවරිය දින ගනනාවක් තිස්සේ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියාය.