බ්‍රිතාන්‍ය හැරී කුමරුට හා ඔහුගේ බිරිඳ මේගන් හට දෙවන දරුවා පිළිසිඳ ගෙන ඇති බව තහවුරු වෙමත් සමග බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහා රැජින ඇතුළු බ්‍රිතාන්‍ය රජ පවුල ප්‍රීතියෙන් උද්දාමවී තිබේ. මේ සමග හැරී කුමරුගේ හා ගැබිණි මේගන්ගේ ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මේ දරුවා බ්‍රිතාන්‍ය කිරුළට උරුමකම් කියන්නන් අතර අටවැන්නාය. කෙසේ වෙතත් දරුවා බිහි කරන කාලය ආදී විස්තර ප්‍රකාශ වී නොමැත. පසුගිය වසරේ ජුලි මාසයේදී තමාට ගබ්සාවීමක් සිදුවූ බව මේගන් පසුගිය නොවැම්බර් මාසයේ හෙළිකර තිබිණි.
හැරී සහ මේගන් දැනට ඇමරිකාවේ කැලිෆෝර්නියා හි වාසය කරති. 2018 වසරේදී විවාහ වුනු මේ දෙදෙනාට අවුරුද්දක් වයසැති පිරිමි දරුවෙක් සිටී. 2020 මාසයේදී මෙම දෙදෙනා රජපවුලේ නිල කටයුතු වලින් ඉවත්වූහ.
