විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා සිදුව තිබේ.
දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන ආකාරය මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවී තිබේ.
මලික් සමරවික්‍රම හිටපු අමාත්‍යවරයාගේ නිවසේදී මෙම නායකයින් දෙදෙනා හමුවී ඇත. ඉදිරි දේශපාලන කටයුතු සඳහා විපක්ෂය ලෙස මෙම පාර්ශව දෙක එක් කිරීම සඳහා දෙපාර්ශවයේම බොහෝ දෙනා මේ වන විට කටයුතු කරමින් සිටිති.