27 C
Colombo
24/11/2024

ශ්‍රීලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් හැමවිටම පෙනීසිටින බව ඉන්දීය අගමැතිගෙන් ප්‍රකාශයක්

Share with your friends :

ශ්‍රී ලංකා නායකයන් සමඟ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය නිරන්තරයෙන් සාකච්ඡා කර ඇති බවත් දෙමළ ජනතාවට සමානාත්මතාව, යුක්තිය, සාධාරණත්වය, සාමය සහ අභිමානය ඇතිව ජීවත්වීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීමට සෑම විටම පෙනී සිටින බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ චෙන්නායි නුවර දී අද (14) ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන්වේ.
“ශ්‍රී ලංකාවේ සිටින දෙමළ ජනතාවගේ සුබසාධනය සහ බලාපොරොත්තු ඉටු කිරීමට ඉන්දීය රජය සෑම විටම පියවර ගෙන තිබෙනවා ,
යාපනයේ සංචාරය කළ එකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වීම මට ලැබුණු භාග්‍යයක්, සංවර්ධනය තුළින් අපි ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවගේ බලාපොරොත්තු ඉටු කරනවා. දෙමළ ජනතාවට පෙර පැවති ඉන්දීය ආණ්ඩු වල‍ට වඩා වැඩි වශයෙන් අපි බොහෝදේ ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාතේ අවතැන් දෙමළ ජනතාවට නිවාස 50,000 ක ව්‍යාපෘතිය, වතුකරයේ නිවාස 4,000 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය අප ලබා දී තිබෙනවා, එසේම නොමිලේ ලබාදෙන ගිලන් රථ සේවය, දික්ඔය රෝහල, යාපනය සහ මන්නාරම අතර නැවත ඉදි කෙරෙන දුම්රිය මාර්ගය, චෙන්නායි සිට යාපනයට ගුවන් ගමන් ආරම්භ කිරීම යනාදිය අප රජය යටතේ සිදු කළා ,
එසේම යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඉක්මනින් ම විවෘත කරනවා,
අපේ ධීවරයන් මුහුණ දෙන ප්‍රශ්නය දීර්ඝකාලීන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයේ ඉතිහාසය මතක් කරන්න මා සූදානම් නැහැ.
ශ්‍රී ලංකාවේ දී අපේ ධීවරයන් අත්අඩංගුවට ගත් විට හැකිතාක් ඉක්මනින් ඔවුන් නිදහස් කරගැනීමට අපි පියවර ගන්නවා. අප රජය සමයේ ඉන්දීය ධීවරයන් 1,600 ක් පමණ නිදහස් කරගෙන තිබෙනවා. මේ වන විට කිසිදු ඉන්දීය ධීවරයකු ශ්‍රී ලංකා අත්අඩංගුවේ නැහැ. ඒ වගේම බෝට්ටු 313ක් නිදහස් කරගැනීමට ද අපැ කටයුතු කළා , ඉතිරි බෝට්ටු ද අපි නිදහස් කරගන්නට කටයුතු කරනවා “

Share with your friends :