පාසල් දරුවන්ට නොමිලේ මුව ආවරණ ලබා දීමට කටයුතු කරන ලෙස සමගි ජන බලවේගයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා රජයෙන් ඉල්ලා තිබේ.
දරුවන් දෙතුන් දෙනෙකු සිටින නිවසක මවුපියන්ට මුව ආවරණ සඳහා යන වියදම දරා ගැනීමට නොහැකි බවද පාසල් දරුවන් සඳහා අවශ්‍ය නිල ඇඳුම්, පෙළපොත් තවමත් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
.