ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව ඉදිරිපත්වූ දෝෂාභියෝගය සෙනෙට් සභාවේදී තුනෙන් දෙකේ වැඩි ඡන්දය ලබා ගැනීමට නොහැකිවීමෙන් පරාජයවී තිබේ. මෙහිදී සෙනෙට් සභිකයන් 57 දෙනෙකු දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ඊට එරෙහිව ඡන්ද 43 ක් ලැබිණි. ට්‍රම්ප් නියෝජය කල රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් පිරිසක්ද ට්‍රම්ප් ට එරෙහිව ඡන්දය ලබාදී තිබිණි. ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විසින් ඇමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට එල්ල කල ප්‍රහාරය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ භුමිකාවට අදාලව මෙම දෝෂාභියෝගය ඉදිරිපත් විය.
ට්‍රම්ප් දෝෂාභියෝගය පරාජයට පත් වුයේ නම් යලිත් වරක් ඇමරිකානු ජනාධිපතිවරණයට තරඟ කිරීමේ අවස්ථාව ට්‍රම්ප් හට අහිමිවේ.
දෝෂාභියෝගය සම්මතවීමට ඡන්ද 67 ක් අවශ්‍යවේ. මෙය ට්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත්වූ දෙවන දෝෂාභියෝගයයි.
කෙසේ වෙතත් සාමාන්‍ය නීතිය යටතේ ට්‍රම්ප් හට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීමට තරම් හේතු මේ වන විට මතුවී තිබේ.
