කොරෝනා මෘත දේහ භූමිදානය කිරීම සම්බන්ධයෙන් තීරණය ගැනීමට ඒ සම්බන්ධ රජයේ විද්වත් කමිටුව නැවත රැස් විය යුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් channelnewslanka.com වෙත පැවසීය.
මේ වන විට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොරෝනා ආසදිතව ප්‍රතිකාර ලබන බැවින් එම කමිටුව රැස් වන දිනය සම්බන්ධයෙන් ගැටළුවක් පවතී.
මේ සම්බන්ධයෙන් අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කිරීමෙන් පසුව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් රට තුල මතු විය.
මේ අතර අදාල් විද්වත් කමිටුවේ සාමාජිකයන් කීපදෙනෙකු ඉල්ලා අස්වී ඇති බවටද මේ වන විට වාර්තාවී තිබේ.
එසේම අදාල විද්වත් කමිටුවේ තීරණ නිසා මේ වන විට ශ්‍රීලංකාවට ජාත්‍යන්තර වශයෙන්ද දැඩි විරෝධය මතු වෙමින් පවතින් අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඒ සම්බන්ධයෙන් විවධ නිර්දේශ ශ්‍රීලංකාව වෙත ලබා දී තිබිණි.
