කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා චීනය වෙත ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්ෂණ කණ්ඩායමට ඊට අවශ්‍ය ප්‍රධාන දත්ත ලබා දීම චීන බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ක්ෂුද්‍ර ජීවී විද්‍යාඥයකු වන ඩොමිනික් ඩ්වේයර් පවසන්නේ මුලින්ම කොරෝනා වැළඳුනු රෝගීන්ගේ තොරතුරු චීන බලධාරීන්ගෙන් ඉලා සිටියද ඔවුන් ලබා දී ඇත්තේ අදාල තොරතුරු වල සාරාංශයක් පමණි.චීනය මුලදී ප්‍රකාශ කලේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කරන්නට සුදානම් බවයි.
වුහාන් හි පර්යේෂනාගරයකින් කොරෝනා මූලාරම්භය සිදුවූ බවට කලින් මත පලවී තිබුනද එසේ වීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත බව මෙම කණ්ඩායම මුලින් ප්‍රකාශ කරන ලදී.
මෙම පරීක්ෂණ කණඩායම චීන බලධාරීන් ගෙන් ඉල්ලා ඇත්තේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී කොරෝනා ආසදනයවූ 174 දෙනෙකු තොරතුරුය. වයිරසය මුලින්ම හඳුනාගත් මාළු වෙළඳපොල හා සම්බන්ධ වූ බවට හෙළිවී ඇත්තේ මුලින්ම කොරෝනා ආසදනයවූ පිරිසෙන් අඩක් පමණි. මෙම පර්යේෂණ කණ්ඩායම යැවීම සඳහා චීනය සමග දීර්ග කාලයක් සාකච්ඡා පවත්වන්නට ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදු විය. එසේම එහි ගිය පර්යේෂණ කණඩායමනිරිඔට සති දෙකක් හෝටලයක නිරෝධායනය වන්නට සිදු විය.
කෙසේ වෙතත් මේ වන විට චීනය මෙම දත්ත වසන් කිරීම ලොවලෝව පුරා දැඩි කතා බහට ලක්ව තිබේ.