27 C
Colombo
19/01/2025

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව කොටස් තැරැව්කරුවන් හමුවෙයි

Share with your friends :

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) පසුගියදා කොටස් තරැව්කාර සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් හමු වී කොටස් වෙළෙඳපොළේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීය. කොළඹ කොටස් හුවමාරුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය මගින් ඉල්ලා ඇති තොරතුරු සම්බන්ධයෙන් රැස්වීමට සහභාගී වූ ප්‍රධාන පාර්ශවයන් සහ කොටස් තැරැව්කරුවන් සිය අදහස් ප්‍රකාශ කළහ. කොටස් තැරැව්කාර සමාගම් විසින් තම ගණුදෙනුකරුවන් සඳහා ලබා දෙන ණය ප්‍රමාණය අඩුකිරීම සඳහා මෙම තොරතුරු එක්රැස් කරන බවට යම් වැරදි වැටහීමක් ඇති වී තිබෙන බව කොටස් තැරැව්කරුවන්ගේ අදහස විය. කෙසේ වෙතත් එවැනි තොරතුරු වර්තමානයේදී දෙසතියකට හෝ මාසිකව රැස්කර ගන්නා බවත්, වෙළෙඳපොළේ පවත්නා ස්වභාවය සැළකිල්ලට ගනිමින් එවැනි සමහර තොරතුරු සතිපතා භාරදීම අවශ්‍ය විය හැකි බවත්, එමගින් කිසිසේත්ම කොටස් තැරැව්කාර සමාගම් විසින් ලබාදෙන ණය කප්පාදු කිරීමක් අපේක්ෂා නොකරන බවත් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතා අදහස් දක්වමින් පැවසීය.

Share with your friends :