27 C
Colombo
18/01/2025

දේශීය ටයිල් හා සෙරමික් සමාගම් අධික ලාභ ලබමින් ජනතාව සූරා කන ජාවාරමක

Share with your friends :

ටයිල් වර්ග සහ නානකාමර කට්ටල ඇතුළු උපාංග ආනයනය තහනම ඉවත් නොකරන ලෙස එම ක්ෂේත්‍රයේ දේශීය නිෂ්පාදකයන්ගෙන් දිගින් දිගටම රජය වෙත බලපෑම් එල්ලවෙමින් පවතී.අදාළ තහනම උඅපයෝගී කරගෙන දේශීය ව්‍යාපාරිකයන් අධික ලාභ ලබන්නට එම ද්‍රව්‍යවල මිල ගණන් මේ වන විට තුන් ගුණයකින් පමණ වැඩි කර තිබේ.
මේ වන විට එම උපකරණ අලෙවිකරණ වෙළඳසල් පන්දහසක් පමණ රට පුරා පවතී. ඒ හරහා ඍජුව හා වක්‍රව යැපෙන ලක්ෂ ගණනක පිරිසක් රට පුරා සිටිති.
මේ සම්බන්ධයෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලා ගැසට් නිවේදනයක් මගින් එම ආනයන තහනම පසුගිය 02දා සිට අහෝසි කල අතර ඒ වහාම යලිත් එය පනවන ලද්දේ ඒ සඳහා එල්ලවුණු දැඩි බලපෑම නිසාය. මෙහිදී ව්‍යාපාරිකයන් කීපදෙනෙකු රටේ ලක්ෂ ගානක් පාර්භෝගික ජනතාව ගස කමින් අධික ලාභ ලබමින් සිටිති.
කෙසේ වෙතත් ඉන්පසු ඉදිරිපත් වූ පාරිභෝගික ඉල්ලීම නිසා පසුගිය 11දා සිට ටයිල් ආනයන තහනම එසේම තිබියදී නානකාමර උපාංග කට්ටල ආනයන තහනම පමණක් කොන්දේසි මත ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා නියම කර තිබේ. එහෙත් ආනයනය කරන උපකරණ මාස තුනක ණය සහන කාලයකට සැපයිය යුතු අතර ගෙවීම්වලට විදේශ විනිමය පාවිච්චි කළ හැක්කේ මාස තුනකට පසුවය. ණයවර ලිපි නිකුත් කළ යුත්තේ එම කොන්දේසියට අදාළව බවට තීරණය කර ඇත. එහෙත් මෙහිදී සිදුවන්නේ අදාළ මාස තුනට අදාළ පොලියද එම මිලට ඇතුලත් කර මිල ගණන් අදාළ විදෙස් සමාගම් නියම කරන අතර එම නිසා එහිදී සිදුවන්නේ වඩාත් වැඩි මුදලක් විදෙස් රටවලට ගලා යාම පමණි.
මෙම ද්‍රව්‍ය ආනයන තහනම මගින් වාර්ෂිකව රටට අහිමිවන බදු ආදායම රුපියල් බිලියන 12ක් බවද මුදල් අමාත්‍යාංශය පවසයි. මේ තත්වය මත වහාම මෙම උපාංග හා ටයිල් වර්ග සඳහා නිෂ්පාදන වියදම් මත පදනම් වූ පාලන මිල ඇති කරන ලෙසට පාරිභෝගිකයෝ ඉල්ලා සිටිති.

Share with your friends :