මාරියෝ ඩ්‍රාගී ඉතාලියේ නව අගමැතිවරයා ලෙස පත්ව සිටී. ඔහු යුරෝපා මහා බැංකුවේ හිටපු ප්‍රධානියාය.
ඉතාලි ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් පසුව ඔහු තම ඇමති මණ්ඩලය නම් කිරීමට නියමිතය. මේ වන විට ඔහුට ප්‍රධාන පක්ෂ සියල්ලේම සහය හිමිවී තිබේ.
පසුගිය මාසයේ ඉතාලි රජය බිඳ වැටුණි.
නව රජය ලබන සතියේ පාර්ලිමේන්තුවේදී විශ්වාසය දින ගැනීමේ ඡන්ද විමසීමකට මුහුණ දෙනු ඇත.
