ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සඳහා පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්වූ ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක් දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එම පරීක්ෂණයෙන් ඩිල්රුවන් පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයෝ අසමත් වී සිටිති.
ධනංජය ද සිල්වා සහ අවිෂ්ක ප්‍රනාන්දු ආබාධ හේතුවෙන්ද , කුසල් මෙන්ඩිස් සිය විවාහ උත්සවය හේතුවෙන් ද කොරෝනා වයිරසය ආසාධනය වීම හේතුවෙන් ළහිරු තිරිමාන්න මෙම යෝග්‍යතා පරීක්ෂණයට ක්‍රීඩකයෝ සහභාගි නොවූහ.බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා නම්කළ 36 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙන් ක්‍රීඩකයින් 32 නෙකු මෙම පරීක්ෂණය සඳහා ඉදිරිපත්වූ වූහ.
previous post