27 C
Colombo
18/01/2025

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ප්‍රභේදය කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වවුනියාව ප්‍රදේශවල

Share with your friends :

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වෛරස ප්‍රභේදයේ (B 117 UK) ආසාදිතයින් මෙරට කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වවුනියාව යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව වාර්තා වී තිබේ. මෙය සාමාන්‍ය කොවිඩ් වයිරසයට වඩා සියයට හැත්තාවක වැඩි බෝවීමේ ප්‍රවනතාවයක් ඇති බව ජාත්‍යන්තර පර්යේෂණවලින් අනාවරණය මේ වන විට අනාවරණය වී තිබේ.
එසේම එය සමස්ත මානව වර්ගයාටම බරපතල තත්වයක් වුවද නිර්මාණය කරන්නට සමත් බවටද මත ඉදිරිපත්වී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේද එම වෛරස ප්‍රභේදය බෝවීමේ ඉහළ ප්‍රවණතාවයකින් යුක්ත බවය.

Share with your friends :