27 C
Colombo
18/01/2025

චීනය – BBC ලෝක ප්‍රවෘත්ති සේවයේ විකාශන කටයුතු අත්හිටුවයි

Share with your friends :

චීනය විසින් BBC ලෝක ප්‍රවෘත්ති සේවය චීනයේ විකාශනය කිරීම අත්හිටුවා තිබේ. මෙම තහනම ලොව පුරා ජනමාධ්‍ය පමණක් නොව දේශපාලන ක්ෂේත්‍රයද සසල කර තිබේ. BBC ලෝක ප්‍රවෘත්ති සේවය අපක්ෂපාතී මාධ්‍ය සේවාවක් ලෙස ලොව පුරා ගෞරවයට පාත්‍ර වුවකි. කෙසේ වෙතත් කොරෝනා වයිරස ව්‍යාප්තිය හා චීනයේ මානව හිමිකම් කඩවීම් හා සුළු ජන කොටස් වල අයිතීන් කඩවීම් සම්බන්ධයෙන් BBC ලෝක ප්‍රවෘත්ති සේවය විසින් පුවත් ප්‍රචාරය කරන ලදී.
මෙම සිද්ධිය බ්‍රිතාන්‍ය රජය විසින් මෙන්ම BBC ලෝක ප්‍රවෘත්ති සේවය විසින්ද හෙලා දැක ඇත. බොහෝ දෙනා මෙය හඳුන්වා ඇත්තේ නිදහස් මාධ්‍ය වෙත එල්ල කෙරුණු මරු පහරක් ලෙසය.
දැනට සතියකට පමණ පෙර චීන මාධ්‍ය ආයතනයක බලපත්‍රය බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් අත්හිටුවීමට කටයුතු කර තිබිණි.

Share with your friends :