ආතරයිටිස් රෝගීන් සඳහා ලබා දෙන Tocilizumab නමැති ඖෂධය සමග Dexamethasone ස්ටේරෝයිඩය ලබාදීම මගින් අසාධ්‍ය කොරෝනා රෝගීන් සුවය ලබන බව බ්‍රිතාන්‍යයේ සිදු කරන ලද නවතම පර්යේෂණයකින් සොයා ගෙන තිබේ.
අසාධ්‍ය රෝගීන් සඳහා මෙම ඖෂධය ලබා දීමෙන් බොහෝදෙනෙකු සුවය ලබන බව හෙළිවීමත් සමග මේ වන විට ඇතැම් රෝහල් වල කොරෝනා රෝගීන් සඳහා මේ ඖෂධය ලබා දෙන බව සඳහන්ය.මෙම ඖෂධය රෝගීන්ට ලබා දීම නිසා අදාළ රෝගීන් දැඩි සත්කාර ඒකක වෙත යොමු කිරීමේ අවශ්‍යතාවය අඩුවී තිබේ.
බොහෝ රෝහල් වලට ඇතුළු කරන ලද රෝගීන් ගෙන් අඩක්ම මෙම ඖෂධය ලබා දීමෙන් පසුව සුවය ලබා තිබේ. මෙම ඖෂධය මගින් කොරෝනා රෝගීන්ට විශිෂ්ඨ ප්‍රතිපල ලබා දෙන බව මේ වන විට ප්‍රධන පෙලේ බ්‍රිතාන්‍ය රෝහල් කීපයක මුල් පෙලේ වෛද්‍යවරු සනාථ කර තිබේ.