27 C
Colombo
24/11/2024

මැතිවරණ කොමිසමට කොරෝනා ගැටළු – නීතිපති දෙපාර්තමේන්තුවෙත් ප්‍රශ්න

Share with your friends :

කොරෝනා ආසාදිතයෙක් පිළිබඳව අනාවරණය වීමෙන් මැතිවරණ කොමිසම වසා දමා ඇත. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේද ඉහලම නිලධාරීන්ගේ ආරක්ෂකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනයවී තිබේ. කෙසේ වෙතත් මේ දක්වා අදාළ පුද්ගලයන් ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුවී නොමැත.
මැතිවරණ කොමිසමේ ගිණුම් අංශයේ සේවකයෙක් ආසාදිත වී ඇති බව අනාවරණය වී ඇත.ඔහු කොමිසමේ තවත් අය සමඟත් සබඳතා පැවැත්වීම හේතුවෙන් මැතිවරණ කොමිසමේ සියලු අංශ තාවකාලිකව වසා දමා විෂබීජහරණය කර තිබේ.
මැතිවරණ කොමිසමේ කටයුතු ලබන සඳුදා සිට යළි ආරම්භ වේ.

Share with your friends :