27 C
Colombo
20/01/2025

දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාවට සමගි ජනබලවේගයෙන් නඩු

Share with your friends :

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
මෙම වාර්තාව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති විපක්ෂයේ පක්ෂ නායක සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබීය.
මෙම ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලු ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, ඒ පිළිබඳව සමස්ත ජනතාව දැනුවත්කර එය පරාජය කිරීමටත් සමගි ජනබලවේගය තීන්දු කළ බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය සඳහන් කරයි.
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවෙහි අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති වරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිපත් කර අනුමැතිය ලබාගෙන ඇත.එමෙන්ම එම වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යනය කර අවශ්‍ය නිර්දේශ මාස තුනක් තුළ ලබා දීමට දෙවන විශේෂ ජනාධිපති කොමිසමක් ද ගැසට් මගින් පත්කර ඇත.
එම වාර්තාවේ කරුණු අනුව ඒ නිර්දේශවල මෙම පාර්ලිමේන්තුවේ තේරීපත්ව සිටින මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම වැනි බරපතල නිර්දේශ අඩංගු අතර එම ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ සමස්ත අධිකරණ පද්ධතිය හා සමාජයම ව්‍යාකූලත්වයට පත්කරන සුළුය.
මෙම ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලු ප්‍රජාතන්ත්‍රවාදී සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත්, මේ අත්තනෝමතික ක්‍රියාවලිය පිළිබඳව සමස්ත ජනතාව දැනුවත්කොට එය පරාජය කිරීමටත් සමගි ජනබලවේගය තීරණය කර තිබේ.

Share with your friends :