27 C
Colombo
19/01/2025

ලොව වැඩිම ජනගහනය ඇති චීනයේ නව උපත් අනුපාතය 15%කින් පහළට

Share with your friends :

ලොව වැඩිම ජනගහනයක් ඇති චීනයේ පසුගිය වසරේ ලියාපදිංචි වී ඇති නව දරු උපත් සංඛ්‍යාව 15%කින් අඩු වී තිබෙනවා. මෙම සතියේ චීන මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද සංඛ්‍යා ලේඛන වලට අනුව 2020 වසරේ එරට ලියාපදිංචි වී ඇති නව දරු උපත් සංඛ්‍යාව මිලියන 10.03ක් වන අතර 2019 වසරේ දී එය සටහන් වී ඇත්තේ මිලියන 11.79ක් ලෙසින්. එරට වාර්තා සඳහන් කරන්නේ 1949දී චීන මහජන සමුහාණ්ඩුව පිහිටුවීමෙන් පසු එරටින් වාර්තා වූ අවම දරු උපත් සංඛ්‍යාව වාර්තා වුණේ පසුගිය වසරේදී බවයි. චීන ජනගහනයෙන් 18%ක් සිටින්නේ වයස අවුරුදු 60ට වැඩි අයයි.
2030 වසර වන විට චීන වයස්ගත ජනගහනය තවදුරටත් දැවැන්ත ඉහල යාමක් සිදුවන අතර චීනයේ ආර්ථික වර්ධනයට එය බරපතල ගැටළුවක් වනු ඇත. කලක් තිස්සේ පැවති එක්දරු ප්‍රතිපත්තිය නිසා දැනට චීනයේ පිරිමි වැඩි අතර ඇතැම් විට ඔවුන්ට බිරින්දෑවරු විදෙස් රටවලින් ගෙන ඒමටද සිදුව තිබෙනවා ,

Share with your friends :