27 C
Colombo
19/01/2025

මියන්මාර පොලීසිය ජනතාවට වෙඩි තබයි-19 හැවිරිදි තරුණියකගේ හිසට වෙඩි තබලා

Share with your friends :

මියන්මාරයට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින් එරට නව හමුදා පාලනයට එරෙහිව වීථි බැස සිටින ජනතාවට එරට පොලීසිය ජල ප්‍රහාර එල්ල කරමින් වෙඩි තබා තිබේ. වෙඩි තැබීමෙන් විශාල පිරිසක් තුවලා ලබා ඇති අතර ඒ අතරින් තරුණියක් දැනට දැඩි අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මයා කෙයින් නමැති මෙම තරුණිය 19 හැවිරිදිය. ඇය නේ පී ටෝ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය. සිවුදෙනකුගෙන් යුත් පවුලක බාලයා වන ඇයගේ දිවි රැක ගැනීමේ අවස්ථා ඉතාම අඩු බව පැවසේ. ඇයගේ හිසට වෙඩි වැදී තිබේ.ඇයගේ දකුණු කණ පසාරු කරගෙන ගොස් ඇති උණ්ඩය මොලයට දරුණු ලෙස හානි ඇතිකර තිබේ.
විරෝධතාකරුවන් පලවා හැරීමට පොලීසිය රබර් උන්ඩ වලින් වෙඩි තබන අතරේ සාමාන්‍ය තුවක්කු වලින්ද ජීව උණ්ඩවලින් වෙඩි තැබීම් කර තිබේ. අවුන්සාන් සුකී ගේ රජය නැවත වරක් වහාම බලයට පත් කිරීම විරෝධතාකරුවන්ගේ ඉල්ලීමයි. රජයේ සේවකයන් පවා දහස් ගණනින් විරෝධතා සඳහා එක්ව සිටිති. මේ අතර එරට තරුණ තරුණියන් විශාල වශයෙන් උද්ඝෝෂණවලට එක්ව සිටින අතර කිසිදු භේදයකින් තොරව රටේ සමස්ත ජනතාව හමුදා පාලනයට එරෙහිව නැගී සිටීම විශේෂත්වයකි.

Share with your friends :