යුරෝපයේ වයස්ගතම කාන්තාව ලෙසත් ලොව දෙවනියට වයස්ගතම කාන්තාව ලෙසත් හඳුන්වනු ලබන ආන්ඩ්රේ කන්‍යා සොහොයුරියට කොවිඩ් ආසාදනයවී ඇති බවට වාර්තා වුණේ 2021 ජනවාරි 16 වනදායි. ප්‍රංශයේ ටූලෝන්හි පිහිටි නිවසක ඇයව ස්වයං නිරෝධයනයට ලක් කළ අතර ඇයට රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් කර තිබුණේ නැහැ. ඇය මේ වන විට රෝගයෙන් පූර්ණ සුවය ලබා තිබෙනවා. 116 වන වියේ පසුවන ඇය මාධ්‍යට සඳහන් කර තිබුනේ ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට කිසිදු අවස්ථාවක නොදැනුනු බවයි. හෙට දිනට ඇයගේ 117වන ජන්ම දිනය යෙදී ඇති බැවින් ඇය එය සැමරීමට සූදානම් වන බවයි එරට වාර්තා සඳහන් කළේ.