27 C
Colombo
19/01/2025

සාමුහික වගකීමේ ඉන්න බැරිනම් ඉල්ලා අස්වැන්නයි විමල්ට අභියෝග

Share with your friends :

විමල් වීරවංශ ඇමතිවරයාට ආණ්ඩුවේ සාමූහික වගකීමෙන් ඒ ඈත් වීමට නොහැකි අතර ඔහු ඊට එකඟ නොවන්නේ නම් ඉල්ලා අස්විය යුතු බවත් ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට තවත් සහෝදර පක්ෂ සමඟ සැලකිය යුතු ගණනාවක් තිස්සේ දේශපාලනය සහායෝගයෙන් කරන බවත් සියලු පක්ෂ සම්බන්ධව සාධාරණ සහෝදරාත්මක දේශපාලන හැසිරිමක් තම පාර්ශවයෙන් හැම විටම ප්‍රදර්ශනය කර ඇති බවත් පෙන්වා දෙන සංජීව එදිරිමාන්න මහතා 2018 පළාත් පාලන මැතිවරණයේ සිට නාම යෝජනා මණ්ඩලයේ ජාතික මණ්ඩලයේ අවස්ථාව ලබාදීම තුලද මැතිවරණත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිධුර බෙදා දීම තුලද පළාත් පාලන ආයතනවල උප සභාපති බෙදා දීම තුලද සාධාරණය කටයුතු කර ඇතැයිද පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එම කටයුතු මැනවින් කළමණාකරණය කල බවද පවසා තිබේ.
වැඩිදුරටත් කතා කල සංජීව එදිරිමාන්න මහතා,
අනෙකාට ගරු කරන සදාචාරයක් අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපේ සහෝදර පක්ෂ සමඟ ප්‍රකට කරනවා. මැතිවරණයන් පස්සේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන සාධාරණ නොවන අයුක්ති සහගත දේශපාලන කටයුතු ඉදිරිපත් කර විමල් වීරවංශ මහතා වැරදි සහගත දෙයක් ඉදිරිපත් කරලා තියෙන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නමැති මේ සුවිසල් දේශපාලන ව්‍යපාරයේ මහ ලේකම්වරයා පිළිබඳව ඔහු ගෝත්‍රික අදහස් ඉදිරිපත් කරලා තියෙන්නේ. සාගර කාරියවසම් මහතා දේශපාලනය තුළ අනාථයෙක් නෙවේ. ඔහු 1960 ඉඳලා 1977 දක්වා උත්තරීතර ව්‍යවස්ථා දායකයේ නියෝජනය කර ලංකාවේ දේශපාලනයේ නිදහසින් පස්සේ දේශපාලනයේ කීර්තිමත්භාය ඇති කර ඇල්බට් කාරියවසම් මහතාගේ පුතා සාගර කාරියවසම් කියන්නේ. රටේ ගෞරවයෙන් කටයුතු කරන කෙනෙක්. මැතිවරණය කරානම් ඔහුගේ කාර්ය අපිට නැති වෙනවා. ඒකයි ජාතික ලැයිස්තුවට ඇතුලත් කරේ. ඒ අපේ අදහසක්.
එක්තරා පුවත්පතට ප්‍රකාශ කරන විමල් වීරවසංශ ඇමතිවරයා ජනාධිපතිතුමාගේ දේශපාලනය ගැන ඉදිරිපත් කරනවා. සිවිල් යුද්ධය කළමණාකරණය කර කෙනෙක්. 2/3 ආණ්ඩුවක් හදලා සිටින කණ්ඩායමක් කියනවානම් ඒක තනි පුද්ගලයෙක් හෝ සීමිත කණ්ඩායමක් කියනවානම් අහිංසක මහජනයාට කරන නින්දාවක්.
මේ රට වෙනුවෙන් ජාතික අභිලාෂය ආණ්ඩුව රූස්ස ගසක්. දේශපාලනය දිගු විෂය පථයක්. සාමුහික වගකීමෙන් අපිට ඇත් වෙන්න බෑ. තමන් එකඟ නොවනනේ නම් ඉල්ලා අස්වීමයි. ඉතාම අදේශපාලනික ඒ වගේම ප්‍රශස්ථ දේශපාලන හැසිරිමක් අර මම සඳහන් කර පුවත් පතට කළ ප්‍රකාශයේ දුටුවා. ඒ ප්‍රකාශය ඔහු විසින් ඉල්ලා අස්කර ගත යුතුමයි.

Share with your friends :