යුරෝපා තානාපති නිලධාරීන් තිදෙනෙකු රුසියාවෙන් නෙරපා හැරීමට එකට එක කිරීමක් ලෙස එම රටවල රුසියානු තානාපති නිලධාරීන් තිදෙනෙකු නෙරපා හැර තිබේ. මෙසේ නෙරපා හරින්නට තීරණය වී ඇත්තේ ජර්මනිය,පෝලන්තය හා ස්වීඩනය යන රටවල තානාපති නිලධාරීන් තිදෙනෙකි.
රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවලිනි නිදහස් කරන ලෙස ඉල්ලමින් රුසියාවේ පැවති උද්ඝෝෂණ වලට සහභාගී වූ බව පවසමින් ජර්මනිය, ස්වීඩනය හා පෝලන්තය යන රටවල තානාපති නිලධාරීන් තිදෙනෙකු රුසියාව විසින් නෙරපා හරින ලදී.
මේ අතර යුරෝපා සංගමය රුසියාව වෙත තවදුරටත් බලපෑම් කරමින් ඉල්ලා ඇත්තේ වහාම නවලිනි නිදහස් කරන ලෙසය. එසේම නවලිනි හට වස දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙසටය.