27 C
Colombo
19/01/2025

සාධාරණ හේතුවක් නොමැතිව අයර්ලන්ත දේශසීමාව පසුකරන්නන්ට යුරෝ 100ක දඩයක්

Share with your friends :

උතුරු අයර්ලන්තයේ ජනතාවට සාධාරණ හේතුවක් නොමැතිව අයර්ලන්ත දේශසීමාව පසුකර ගියහොත් යුරෝ 100ක දඩ මුදලක් ගෙවීමට එරට රජය තීරණය කර තිබෙනවා. එය අද සිට ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. රජය මෙම පියවර ගෙන තිබෙන්නේ කොවිඩ්-19 වයිරසය පතීරම වැළක්වීමේ එක් පියවරක් ලෙසයි. අයර්ලන්ත පොලිසිය විසින් දේශසීමාව හරහා යන රථවාහන අහඹු ලෙස පරීක්ෂාවට ලක් කෙරෙනවා. පාපැදිකරුවන් සහ පදිකයින් සඳහාද මෙම නව නීතිය ක්‍රියාත්මකයි. එමෙන්ම අත්‍යවශ්‍ය නොවන සංචාරයක් සඳහා අයර්ලන්ත ගුවන්තොටුපොළට හෝ වරායට යන බවට අනාවරණය වුවහොත් එම පුද්ගලයාට යුරෝ 500ක දඩ මුදලක් ගෙවීමට සිදුවනු ඇති.

Share with your friends :