27 C
Colombo
19/01/2025

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහලට – ඒත් තවමත් ලීටරයක ආනයන වියදම රු: 70

Share with your friends :

ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල යලිත් වරක් සුළු වශයෙන් ඉහල ගොස් තිබේ. ඒ අනුව WTI වර්ගයේ බොර තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 56.85 දක්වාද , BRENT වර්ගයේ බොර තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 59.34 දක්වාද සුළු වශයෙන් ඉහල ගොස් තිබේ.
මේ අනුව අද පවතින විනිමය අනුපාත අනුව ලීටරයක් සඳහා වැය වන්නේ රුපියල් 70 ක පමණ මුදලකි. බොරතෙල් බැරලයක ලීටර් 159 කි. මේ වන විට ශ්‍රීලංකාවේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 කටද , ඩීසල් ලීටරයක් රුපියල් 104 කටද , භුමි තෙල් ලීටරයක් රුපියල් 70 කටද අලෙවි කෙරේ.
පසුගිය දිනවල ඉන්ධන මිල ඉහල දැමීමට විෂය භාර ඇමතිවරයා ලෙස බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් කල යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ පැවසුවේ මේ මොහොතේ ජනතාවට එම බර නොපටවා මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර බදු අඩුකර ගන්නා ලෙසටය.

Share with your friends :