27 C
Colombo
19/01/2025

මොහමඩ් අලීවත් පරාජය කල ලෝක බොක්සිං ශූර ලියෝන් ස්පින්ක්ස් මියයයි

Share with your friends :

ලෝක හෙවිවේට් බොක්සිං ශුරයකු වූ ලියෝන් ස්පින්ක්ස් මිය ගොස් තිබේ. බොක්සිං ලොව රජු ලෙස සැලකෙන මොහමඩ් අලි පරාජය කරමින් බොක්සිං ලොව උඩුයටිකුරු කල ලියොන් ස්පින්ක්ස් මිය යන විට 67 වන වියෙහි පසු විය. 2019 වසරේදී ඔහු ප්‍රොස්ටේට් පිළිකාවකින් පෙලෙන බව හඳුනා ගන්නා ලදී.
1976 වසරේදී ඔහු ඔලිම්පික් ශුරතාව දිනා ගන්නා ලදී. ඉන් මාස 18 කට පසු 1978 දී මොහමඩ් අලි පරාජය කරමින් ලෝක හෙවිවේට් කිරුල දිනාගත්තේ බොක්සිං ලොව පුදුමයට පත් කරමිනි. එම තරගයේ දී පහසු ජයක් බලාපොරොත්තුවෙන් සිටි මොහමඩ් අලි ඔහු විසින් පරාජයට පත් කලේ කිසිවකු නොසිතූ පරිදිය.

Share with your friends :