27 C
Colombo
19/01/2025

දැන් පවතින මිල ගණන් වලට තිරිඟු පිටි අලෙවියෙන් විශාල පාඩුවක්-සමාගම් ලසන්තට කියති

Share with your friends :

දැනට පවතින මිල ගණන් යටතේ තිරිඟු පිටි අඩු මිලට විකිණීමෙන් තම සමාගම් විශාල වශයෙන් පාඩු ලබන බව තිරිඟු පිටි සමාගම් රජයට දැනුම්දී තිබේ. සමුපකාර සේවා , අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂාව
රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවකදී මෙරට තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක වන සෙරෙන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් විසින් අදාළ දැනුම් දීම සිදු කර තිබේ.
ඩොලරයේ අගය ඉහළයාම , මේ වන විට ලෝක වෙළඳ පොලේ තිරිඟු මිල ශීග්‍රයෙන් වැඩි වීම, නිෂ්පාදන මිල ඉහළයාම ආදී කරුණු ගනනාවක් මෙහිදී තිරිඟු පිටි සමාගම් පෙන්වාදී තිබේ.එසේම වසර හතරකින් පමණ තිරිඟු පිටි මිල වැඩි නොකළ බවත් අවසානයට තිරිඟු පිටි මිල වැඩි කරන විට ඩොලරයක අගය රුපියල් 140 ක් පමණ වූ බවත් තිරිඟු පිටි සමාගම් පෙන්වා දී තිබේ. එසේම මේ වන විට වැට් බදු, ගුවන්තොටුපල හා වරාය බදු ආදී විවිධ බදු වසහ්යෙන් තිරිඟු පිටි කිලෝවකට රුපියල් 15 ක බද්දක් දරන්නට වී ඇති බවද මෙහිදී අදාළ සමාගම් පෙන්වා දී තිබේ.
මේ නිසා තිරිඟු පිටි සඳහා කිලෝවකට රුපියල් හතත් – දහයත් අතර මිල වැඩිවීමක් සමාගම් විසින් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් රජයේ පාර්ශවයෙන් පවසා ඇත්තේ සාමාන්‍ය පරිභෝජනයට ගන්නා සිල්ලර මිල රුපියල් 87 ට කුඩා ප්‍රමාණ වලින් අලෙවි කරන තිරිඟු පිටි මිල වැඩි නොකරන ලෙසත් අනෙකුත් විශේෂ තිරිඟු පිටි වර්ග හා පැකට් කරන ලද තිරිඟු පිටි වර්ග වෙළඳ පොළ තත්වයන් අනුව මිල වැඩි කිරීම ගැටළුවක් නොවන බවත්ය.

Share with your friends :