27 C
Colombo
19/01/2025

විපක්ෂ නායකට සහයට පැවැත්වූ උද්ඝෝෂණවලට ආ තානාපති නිලධාරීන් රුසියාවෙන් නෙරපයි

Share with your friends :

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සිස් නවලිනි සිර ගත කිරීමට එරෙහිව රුසියාවේ පැවැත්වෙන උද්ඝෝෂණවලට සහභාගිවූ ස්වීඩනය, ජර්මනිය සහ පෝලන්තයේ තානාපති නිලධාරීන් පිරිසක් රුසියාව විසින් සිය රටෙන් නෙරපා හැර තිබේ.
මෙම තානාපති නිලධාරෙන්ගේ හැසිරීම පිළිගත නොහැකි බවද එය ජාත්‍යන්තර නීතියට පටහැනි බවද රුසියාව කියා සිටී.
මෙම තානාපති නිලධාරීන් පිළිගත නොහැකි පුද්ගලයන් ලෙස නම් කර ඇති රුසියානු රජය හැකි ඉක්මනින් රුසියාවෙන් පිටව යන ලෙස ඔවුන්ට දන්වා තිබේ.
නවලින් සිරගත කිරීම ලොව පුරා රටවල් රැසක් හෙලා දැක ඇති අතර එය හේතුවක් කර ගෙන රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම සඳහා සලකා බලමින් සිටිති.
රුසියානු ජනාධිපති පුටීන්ගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන නවලිනි පසුගිය වසරේ ඝාතන ප්‍රයනයකින් යන්තමින් දිවි ගලවා ගත අතර ජර්මනියේ ප්‍රතිකාර ලැබීමෙන් පසු නැවත රුසියාවට පැමිණෙද්දී ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලදී.
මීට එරෙහිව රුසියාව පුරා ඇතිවූ විරෝධතා වලට ලක්ෂ ගණන් රුසියානු ජනතාව එක්වූ අතර එහිදී පන්දහසකට වැඩි පිරිසක් රුසියානු ආරක්ෂක හමුදාවල අත්අඩංගුවට පත් වුහ.

Share with your friends :