පසුගියදා ශ්‍රීලංකාවේදී පැවැත්වුණු LPL තරගාවලියේදී සිදුවූ සහ සිදු කිරීමට උහ්සාහ ගත් බව කියන තරග පාවාදීම් හා ඒ අකාරයේ සිදුවීම් කීපයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම ක්‍රිකට් බලධාරීන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.
මේ ඇතැම් සිද්ධීන් අල්ලා ගත හැකි වූ අතර තවත් සිද්ධීන් ගැන විශ්වාසදායක තොරතුරු ලැබී තිබේ. මෙහිදී පුද්ගලයන් කීපදෙනෙකු ඊට ඍජුවම සම්බන්ධ බවට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයට පෙනී ගොස් තිබේ.
