27 C
Colombo
19/01/2025

කොවිඩ් පැතිරීමේ අවදානම ගැන මුලින්ම පැවසූ වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මියගොස් අදට වසරක්

Share with your friends :

චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොවිඩ්-19 වයිරසය පිළිබඳව පළමු වරට දැනුවත් කළ මෙන්ම එම වයිරසය සාර්ස් වයිරසය මෙන් මාරාන්තික වනු ඇති බවට අනතුරු ඇගවීම් සිදුකල වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මියගොස් අදට වසරක්. ඔහු මිය ගියේ චීනයේ කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටියදී ඔහුටද රෝගය වැළදීමත් සමගයි. 1986 වසරේ උපත ලබූ ඔහු වූහාන්හි රෝහලක අක්ෂි වෛද්‍යවරයෙක්. ඔහු මීට වසරකට ඉහතදී කොවිඩ් සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශයට චීන පොලිසිය විසින් අසත්‍ය තොරතුරු පවසන බව සඳහන් කරමින් ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක්ද පවත්වනු ලැබුවා. කෙසේවෙතත් චීන වැසියන් වෛද්‍ය ලී වෙන්ලියැන්ග් කල සේවය අගයමින් වීරවරයෙක් ලෙසට ඔහුව හැදින්වූ අතර ඔහු මියගොස් අදට වසරක් සපිරීම නිමිත්තෙන් වෛද්‍යවරයාට උපහාර දැක්වීමටද අමතක කලේ නැහැ. මේ වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයින් මිලියන 105කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර මිලියන 2.3ක් මෙම වයිරසය හේතුවෙන් මියගොස් තිබෙනවා.

Share with your friends :