27 C
Colombo
19/01/2025

ඉන්දියාවට ආසන්න ශ්‍රීලංකාවේ දුපත් තුනක විදුලි ව්‍යාපෘති චීනයට දීම ගැන විරෝධය

Share with your friends :

ඩෙල්ෆ්ට්, අනලතිව් හා නයිනතිව් දුපත්වල ඉදි කෙරෙන පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති තුනක් සඳහා ටෙන්ඩර් චීන සමාගම් වලට පිරිනැමීමට රජය ගෙන ඇති තීරණයට ඉන්දියාව දැඩි විරෝධය පල කර තිබේ.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට හා ජපානයට ලබා නොදීමට කැබිනට් මණ්ඩලය තීරනය කිරීමට පෙර සිටම මෙම විරෝධය ඉන්දියාව දක්වා තිබු බව පැවසේ.
මෙම ව්‍යාපෘති කැබිනට් මණ්ඩලය විසින් පසුගිය ජනවාරි 18 වැනිදා අනුමත කර තිබිණි.
මෙම දුපත් තුන පෝක් සමුද්‍ර සන්ධියෙන් ඉන්දියාවෙන් වෙන්වන නමුත් ඉන්දීය වෙරල තීරයන්ට ආසන්නව පිහිටීම නිසා එය ඉන්දියාවේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව ඉන්දියාවේ අදහස වී තිබේ.
ඉන්දියාවේ රාමේශ්වරම් නගරයේ සිට ඩෙල්ෆ් දූපතට ඇත්තේ කිලෝමීටර් 48 ක දුර ප්‍රමාණයකි.
මෙම ව්‍යාපෘති ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත සිදු කෙරෙන ව්‍යාපෘති වන අතර ඒවායේ දේශීය සහකරු වන්නේ ලංකා විදුලි බල මණ්ඩලයයි. චීන සමාගම වන්නේ Etechwin නමැති සමාගමකි. ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලයන 12 කි.

Share with your friends :